සිංහල ව්‍යාකරණ
සිංහල වියරණ යනු සිංහල බසෙහි වැකි සහ වදන් සෑදිය යුතු අයුර පිලිබඳ කියැවෙන රීති සංග්‍රහයයි. පළමු වියරණ සංග්‍රහය ලෙස හැඳින්වෙන්නේ සිදත් සඟරාව යි.
උක්තාඛ්‍යාත පද සම්බන්ධය
- වචන භේදය
- පුරුෂ භේදය
- කාල භේදය
- ලිංග භේදය
- කාරක භේදය
වචන භේදය
සිංහල බසෙහි වචන භේදය "ඒක" හා "බහු" වචන ලෙස බෙදේ. ඒ අනුව ආඛ්‍යාතය වෙනස් වේ.
- ඒක වචන - ඔහු පොතක් කියවයි. (අනතීත කාලය)
- බහු වචන - ඔවුහු පොත් කියවති. (අනතීත කාලය)
පුරුෂ භේදය
සිංහල බසෙහි පුරුෂ භේදය, සාමාන්‍යයෙන් භේද තුනකට බෙදේ. ඒවා නම්;
1.උත්තම පුරුෂ
- ඒක වචන - මම - මම පොතක් කියවමි.
- බහු වචන - අපි - අපි පොතක් කියවමු.
2.මධ්‍යම පුරුෂ
- ඒක වචන - නුඹ, තෝ, තී, ඔබ, යුෂ්මතා, තමුන්නාන්සේ - නුඹ පාසැල් යන්නෙහි.
- බහු වචන - නුඹලා, තොපි, ඔබ, යුෂ්මත්හු, තමුන්නාන්සේලා - ඔබ සැම ගුරුතුමාට ආචාර කරන්නෙහු.
3.ප්‍රථම පුරුෂ උත්තම පුරුෂයටත්, මධ්යම ප්පුරුෂයටත් යන දෙකටම අයත් නොවන සියලුම ප්‍රාණවාචී හ අප්‍රාඅණවාචී නාම මීට අයත්වේ.
- ඒක වචන - ළමයා, දැරිය, ඔහු, ඈ, ගස - ගුරුතුමා පාඩම උගන්වයි.
- බහු වචන - ළමයි, දැරියෝ, ඔවුහු, ගස් - ගුරුවරු පාඩම් උගන්වති.
මෙයට අමතරව අසල සිටින අයෙකුට "මොහු" (හෝ ව්‍යවහාරික බසෙහි "මෙයා") යන්නද යොදා ගත හැක.
කාල භේදය
සිංහල බසෙහි කාල භේදය අතීත හා අනතීත ලෙස බෙදේ. අනතීත කාලයෙන් වර්තමාන හා අනාගත කාල දෙකම නිර්ණය වේ. අනාගත කාලය ස්ථිර ලෙස නිර්ණය කිරිඉමට "හෙට", 'ලබන ඉරිදා" වැනි වචන යොදා ගැනේ.
1.අතීත කාලය
- ඒක - දරුවා පාසැල් ගියේය.
- බහු - දරුවෝ පාසැල් ගියෝය/ගියහ.
2.අනතීත කාලය
- ඒක - දරුවා පාසැල් යයි/යන්නේය.
- බහු - දරුවෝ පාසැල් යති/යන්නෝය.
ලිංග භේදය
සිංහල බසෙහි ස්ත්‍රී පුරුෂ ලිංග භේදය අනුව ඒක වචන ආඛ්‍යාතය වෙනස් වේ. නපුංසක ලිංග ඒක වචන හා බහු වචන ආඛ්‍යාතය පුරුෂ ලිංග ඒක වචන ආඛ්‍යාතයට සමානය.
1.ස්ත්‍රී
- ඒක - ඈ බණ අසයි/අසන්නීය. ඈ බණ ඇසුවාය.
- බහු - උපාසිකාවෝ බණ අසති/අසන්නෝය. උපාසිකාවෝ බණ ඇසූහ/ඇසුවෝය.
2.පුරුෂ
- ඒක - ඔහු බණ අසයි/අසන්නේය. උපාසකයා බණ ඇසුවේය.
- බහු - උපාසකයෝ බණ අසති/අසන්නෝය. උපාසකයෝ බණ ඇසූහ/ඇසුවෝය.
3.නපුංසක
- ඒක - ගස සුළඟට සෙලවෙයි. ගස සුළඟට සෙලැවුණි/සෙලවුණේය.
- බහු - ගස් සුළඟට සෙලවෙයි. ගස් සුළඟට සෙලවුණි/සෙලවුණේය.
කාරක භේදය
කර්තෘකාරක වැකි
කාරකය යනු ආඛ්‍යාතයෙන් ඉස්මතු වන ප්‍රධාන පදයයි. කර්තෘකාරක වැකියක කර්තෘ ඉස්මතු වේ. එම නිසා කර්තෘ උක්ත වන අතර කර්‍මය අනුක්ත වේ. ආඛ්‍යාතය උක්ත කර්‍තෘට ගැලපිය යුතුයි.
කර්‍මකාරක වැකි
කර්‍මකාරක වාක්‍යයක කර්‍මය ඉස්මතු වේ. මෙහිදී කර්‍මය උක්ත වන අතර කතෘ අනුක්ත වේ. උක්ත කර්‍මයට ආඛ්‍යාතය ගැලපිය යුතුයි.
- කර්තෘකාරක වැකියක් කර්‍මකාරකයට හැරවීමේ පියවර.
- කර්තෘ අනුක්ත කිරීම.
- අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතය යෙදීම.
- කර්‍මය උක්ත කිරීම.
- උක්ත වූ කර්‍මයට ආඛ්‍යාතය ගැලපීම.
No comments:
Post a Comment