ගොවි දුක…
අරුණු රැසින්
රන් කරලක
හිනැහෙන මහ
නිධානයක්
දැයක් රකින
කුස් පුරවන
රටක් වටින
නිධනයක්
රෑන ගිරව්
ඉගිල ඉගිල
ගී ගයනා
උදෑසනක්
වළි කුකුලන්
හඩලන කොට
පුංචි පුතුට
සිනහවැලක්
අම්බරුවන් කොළ
මඩණට කමතට
දිව යන්නේ
මගේ මැණිකෙ
ඇඹුල ගෙනත්
කෙතට සිරිය
දෙන්නේ
දා බිදු
මුතු කැට
වී මිහිකත
සිප ගන්නේ
හිරුගේ රැසින්
සවිය ලබා
අස්වනු නෙළ
පන්නේ
දවස පුරා
සටන් වැදී
හිරු අවරින්
බැස යන්නේ
වෙල අද්දර
ලන්ද දෙසින්
රෑහි හඩයි
පැතිරෙන්නේ
වටින් පිටින්
අදුරු සේල
අදිනා රෑ
කුමරියනේ
මදකටවත් නැවතියන්
පොඩි උන්
තව කුස
ගින්නේ
No comments:
Post a Comment