Monday, 7 July 2025

ගොවි දුක

    ගොවි දුක

 

අරුණු රැසින් රන් කරලක හිනැහෙන මහ                       නිධානයක්

දැයක් රකින කුස් පුරවන රටක් වටින                             නිධනයක්

රෑන ගිරව් ඉගිල ඉගිල ගී ගයනා                                      උදෑසනක්

වළි කුකුලන් හඩලන කොට පුංචි පුතුට                          සිනහවැලක්

 

අම්බරුවන් කොළ මඩණට කමතට දිව                          යන්නේ

මගේ මැණිකෙ ඇඹුල ගෙනත් කෙතට සිරිය                   දෙන්නේ

දා බිදු මුතු කැට වී මිහිකත සිප                                        ගන්නේ

හිරුගේ රැසින් සවිය ලබා අස්වනු                                   නෙළ පන්නේ

 

දවස පුරා සටන් වැදී හිරු අවරින් බැස                             යන්නේ

වෙල අද්දර ලන්ද දෙසින් රෑහි හඩයි                                පැතිරෙන්නේ

වටින් පිටින් අදුරු සේල අදිනා රෑ                                    කුමරියනේ

මදකටවත් නැවතියන් පොඩි උන් තව                            කුස ගින්නේ

Friday, 27 June 2025

ප්‍රාදේශීය උප භාෂා

                                                   ප්‍රාදේශීය උප භාෂා

සිංහල ව්‍යාකරණ

සිංහල ව්‍යාකරණ